අද නොවුනට ඉන්ධන මිල රු. 100කින් 200කින් අඩු වෙයි.? - මිල සූත්‍රය පසෙකලා ඉන්ධන අඩු කළ ඇමති විජිත කියපු අලුත්ම කතාව.
මෙවර ඉන්ධන ගාස්තු සංශෝධනය කළේ මිල සූත්‍රය අනුව නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ, අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් සමග සිදුකළ සමාලෝචන සාකච්ඡාවකින් අනතුරුව මෙම මිල සංශෝධනය සිදු කළ බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ .
එමෙන්ම ඉන්ධන මිල එක්වරම රුපියල් සිය ගණනකින් හෝ දෙසීය ගණනකින් අඩු කළ නොහැකි බවත් මෙහිදී ඔහු සඳහන් කළා.
ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට තමන්ද කැමති වුවත් ලාභ පාඩු තත්ත්ව සලකා බලා ඉන්ධන මිල සංශෝධනය කර ඇති හෙයින් එකවර එවන් ගණනකින් ඉන්ධන මිල අඩු කළහොත් රාජ්‍ය මුල්‍ය තත්වයට බලපානු ඇති බවද ඇමති විජිත පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ආර්ථිකය ඉදිරියේදී ශක්තිමත් කිරිමත් සමඟ ඉන්ධන මිල තවත් සහන දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළා.