ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය නොකිරීමට හේතුව මෙන්න..

Fuel Price In Sri Lanka Litro Gas LAUGFS Gas PLC Kanchana Wijesekera Fuel Price In World
By Aruna Aug 02, 2024 03:06 AM GMT
Aruna

Aruna

Report

මාසිකව ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන මිල සූත්‍රය අනුව අගෝස්තු මාසයේ දී ඉන්ධන සහ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට පියවර ගත්තා.

මාසිකව ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන මිල සූත්‍රය අනුව අගෝස්තු මාසයේ එනම්, මෙම මාසයේ ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය නොකිරීම මෙරට පාරිභෝගික ජනතාවට ප්‍රශ්නාර්ථයකි.

මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.

මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.


එයට හේතුව නම් ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් පහල ගොස් තිබියදී එහි වාසිය මෙරට ජනතාවට ලබා නොදීමයි.

තොරතු වාර්තා වන අන්දමට මෙම තීරණය ගෙන ඇත්තේ, මැදපෙරදිග රටවල ඇති වී තිබෙන අස්ථාවරත්වය පිළිබඳ අවධානය යොමු කරමින් බවටයි පැවසෙන්නේ.

හමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඉරානයේ දී ඝාතනයට ලක් කෙරුණු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අදාළ ප්‍රහාරය ඊශ්‍රායල විසින් සිදු කළ බවට අමෙරිකාව චෝදනා කළ ද, ඊට ඔවුන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නැහැ.

මෙම සිද්ධිදාමයත් සමඟ ලෝක වෙළඳපොළෙහි ‌බොර තෙල් මිල යනු ඇති බවටයි, ආර්ථික විශේෂඥයින් පුරෝකතනය කර ඇත්‌‌තේ.

මෙවන් පසුබිමකයි මෙරට බලධාරින් විසින් ඉන්ධන සහ ගෑස් මිල සංශෝධන නොකිරීමට තීරණය කළේ.

එමෙන් ම වාණිජ නෞකා ප්‍රවාහනයේ දී ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකියි.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..


මෙලෙස ඉදිරියේදී ඇතිවිය හැකි යයි පවසන ප්‍රශ්න ගැන උපකල්පනය කර මෙරට ජනතාවට හිමිවන්නට තිබෙන වාසිය ලබා නොදීම කාගේ උවමනාවක් ද?

තමන්ගේ වාසිය වෙනුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න සහ අර්බූධ ඇති විය හැකි යැයි පවසන මෙරට වගකිවයුතු බලධාරීන් දැන්වත් ඉන්ධන මෙරටට හැකි ඉක්මනින් වැඩි වශයෙන් ආනයනය කර ගබඩා කර තබා ගැනීම ඔවුන්ගේ වගකීමක් නොවන්නේ ද?

බොහෝවිට මැතිවරණයක් කැඳවා තිබෙන නිසා බොහෝවිට මැතිවරණ දින ලංකර ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය කිරීමට කටයුතු කරයි යන ජනතාව අතර මේ වන විට සැකයක් මතුවේ.

පසුගිය මස ක්‍රියාත්මක වූ මිල සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් දක්වා අඩු කෙරිණ.

කිලෝග්‍රෑම් 05ක සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ, රුපියල් 1,482කටයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පනතක් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පනතක් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරේ..


කිලෝග්‍රෑම් 2.3ක ගෑස් මිල රුපියල් 694ක්. ලාෆ් ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බවයි, එම සමාගම නිවේදනය කළේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබනවා.

මේ අතර ඔක්ටේන් 92 වර්ගයේ ලංකා පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 344කටයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල වන්නේ රුපියල් 379ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 355කට අලෙවි කෙරෙන බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට පෙර සඳහන් කළේ.

එමෙන් ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 317ක් වන අතර ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202ක් වනවා.