යළි තෙල් මිල ඉහළ යයි..එකවර සිදුවූ දේ මෙන්න..
රුසියාව සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට ඉඟි කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2.94කින් එනම් සියයට 3.63කින් ඉහළ ගිය අතර එම තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 83 යි ශත 72ක් වශයෙනි.
අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 2.07කින් එනම් සියයට 2.67කින් ඉහළ ගොස් ඇත්තේ එම තෙල් බැරලයක මිල ඩොලර් 79.56ක් ලෙස සටහන් කරමිනි.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජී-7 කණ්ඩායමේ බටහිර රටවල් රැසියානු බොරතෙල් සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් රැසියාව සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 500,000 ත් 700,000ත් අතර ප්‍රමාණයකින් කපා හැරීමට සිදුවිය හැකි බව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |