ඉන්ධන මිල වෙනස් වෙයි..(PHOTO)
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇත.
එමෙන්ම, ඉන්ධන දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් වේ.
තව ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420ක් වේ.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317ක් වේ.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර එහි මිල රුපියල් 377ක් වේ.
කෙසේ වෙතත්, භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202ක් වෙයි.
එම නිවේදනය පහතින්,
