වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ඉන්ධන මිල ගණන් පහතට... (PHOTO)
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 368ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙනවා.
එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 420ක් ලෙසයි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333ක් වේ.
ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 377ක් ලෙසයි දැක් වේ.
එමෙන්ම භූමිතෙල් මිල රුපියල් 30කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 215ක් වේ.
එම නිවේදනය පහතින්,
