වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධයම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 332ක් ලෙස සටහන් වුණා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 377ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 307ක් එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 352ක් භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටර්‍යක මිල රුපියල් 202ක් ලෙස පවතිනවා.