හිටපු කථානායක සහ වත්මන් කථානායකගේ ඉන්ධන වියදම් මෙන්න!

Report

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වත්මන් රජය බලයට පත්වන තුරු 2024 වසරේ පළමු මාස 09 කාලය තුළ වාහන 09ක් භාවිතා කර ඇති බව සහ ඉන්ධන සදහා රුපියල් මිලියන 33ක් වැය කර ඇතිබව පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයා නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද ලැබුනද ? ඉක්මනට බැංකු ගිණුම බලන්න

අද ලැබුනද ? ඉක්මනට බැංකු ගිණුම බලන්න

වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ජනවාරි මස ඉන්ධන වියදම රුපියල් දෙලක්ෂ සහ අට දහසක් ( රුපියල් 218,000) බවත් පෙබරවාරි මස ඉන්ධන වියදම රුපියල් එක් ලක්ෂ විසි තුන් දහසක් (රුපියල් 123,000) බවත් කීවේය.