මුලතිව් කැළෑවකින් ශ්‍රී පතුලක් මතුවෙයි..

Sri Lanka Police Jaffna University of Jaffna Buddhism
By Aruna Sep 07, 2023 07:22 AM GMT
Aruna

Aruna

Report

මුලතිව් ඔඩ්ඩුසුඩාන් වාවෙට්ටි කඳුකර ප්‍රදේශයේ කැළෑවකින් ආදී මිනිසුන් විසින් වන්දනාමාන කරන ලද නටබුන් සහිත ස්ථානයක් හමු වී තිබේ.

ඔඩ්ඩුසුඩාන් තානේස්වරී ප්‍රදේශයේ හින්දු ජනයා විසින් කෝවිලක් ඉදිකරගෙන ඊට වන්දනාමාන කරන අතර එම ස්ථානයට කිලෝමීටර් පහක් පමණ ඈතින් වාවෙට්ටි කඳුකර ප්‍රදේශයෙන් මෙම නටබුන් සහිත ස්ථානය හමු වී ඇත්තේ කෝවිලේ කිරිබත් පිසීමට මී පැණි එකතු කිරීමට ගිය වැසියන් පිරිසකටය.

ඔවුන් මේ පිළිබඳව පළාතේ ග්‍රාම නිලධාරීවරයාට තොරතුරු දැනුම් දීමෙන් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් විස්තර පුරාවිද්‍යා නිලධාරීන්ට මුලතිව් දිසාපති කාර්යාලයට හා යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයට දැනුම් දී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ දෙදෙනකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එම නව නටබුන් වලින් එකක් ශ්‍රී පතුලක් විය හැකි බවයි.

කෙසේ වෙතත් මේ පළාතේ වසර ගණනාවකට ඉහතදී ජනාවාස තිබූ බවට සාධක මේ තුළින් ප්‍රකාශිත වන නමුත් ස්ථානය තහවුරු කොට කැණීම් සිදු කිරීමෙන් පසුව මිස ඒ ගැන වැඩිදුර තොරතුරක් ප්‍රකාශ කළ නොහැකි බව යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ පිරිස පවසා තිබේ.

ඔඩ්ඩුසුඩාන් සිට මාන්කුලම් පාර හරහා ගමන් කරන විට 14 වැනි සැතපුම් කණුවේදී වම් පසින් ගැටිති සහිත මාර්ගයක් හමුවන අතර එම මාර්ගයේ කිලෝමීටර් 11ක් පමණ ගමන් කරන විට අලුතින් හමු වූ නටබුන් සහිත ස්ථානය හමුවෙයි.

කෙසේ වෙතත් අලුතින්ම හමු වූ මේ ස්ථානයට හින්දු බැතිමතුන් මල් පහන් පූජා කොට ආපසු පැමිණ ඇත.

"..මේ වශී තෙල මිස්ගේ ඇඟේ ගාන්න ඕනේ..” - හැර ගිය සැමියා ගෙන්වා ගන්න කපුවා ළඟට ගිය කාන්තාව කෙලසුව හැටි....

"..මේ වශී තෙල මිස්ගේ ඇඟේ ගාන්න ඕනේ..” - හැර ගිය සැමියා ගෙන්වා ගන්න කපුවා ළඟට ගිය කාන්තාව කෙලසුව හැටි....


ReeCha