ප්‍රංශ ජනාධිපති ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි සමුළුවට සහභාගී වෙයි

Report

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රොන් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (පෙබරවාරි 16) රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණියේය.

ඔහු සමඟ ප්‍රංශ ජනාධිපති ආර්යාව බ්‍රිජෙත් ත්‍රොග්නෝව් ද මැක්‍රොන් මෙම සංචාරයට එක්ව සිටී.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මැක්‍රොන් අතර හමුව අද (පෙබරවාරි 17) නවදිල්ලියේදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අද නවදිල්ලියේ අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන 'කෘත්‍රිම බුද්ධිය' සම්බන්ධ විශේෂ ජාත්‍යන්තර සමුළුවට ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහභාගී වනු ඇත.

මෙම සමුළුවට බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, භූතාන අග්‍රාමාත්‍ය ත්ෂෙරිං ටොබ්ගේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඇතුළු රටවල් 20ක රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් සහභාගී වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එසේම රටවල් 45කට අධික සංඛ්‍යාවක අමාත්‍ය මට්ටමේ දූත පිරිස්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පස් දිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවට එක්ව සිටිති.

ඉන්දියාව අනුගමනය කරන 'මානුෂීය හා තිරසාර' කෘත්‍රිම බුද්ධි ප්‍රවේශය පිළිබිඹු කරමින් පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන් මග ගැන අවධානය යොමු කිරීමයි.

නවීන තාක්ෂණය හරහා ගෝලීය අභියෝග ජයගැනීමේ මාර්ග සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වගකීම් සහගතව භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ සාකච්ඡා මෙහිදී සිදුවනු ඇත.

'ටෙන්ඩර් මර්සීස්' ඔස්කාර් සම්මානලාභී රොබට් ඩුවාල් මිය යයි

'ටෙන්ඩර් මර්සීස්' ඔස්කාර් සම්මානලාභී රොබට් ඩුවාල් මිය යයි