සියලුම පාසල් සිසුවියන් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Report

වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (27) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.

සියලුම පාසල් සිසුවියන් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී.. | Free Things For Schoolgirls

මේ සම්බන්ධයෙන් මුදල් වෙන්කරදීම ගැන ඉදිරියේ දී රජය විසින් සාකච්ඡා සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරිය යෝජනා කළේ, මෙම වැඩපිළිවෙල අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුවිය යුතු බවයි.

සමගි ජල බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවා.

සියලුම පාසල් සිසුවියන් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී.. | Free Things For Schoolgirls

මේ සම්බන්ධයෙන් අදහස දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රමුඛතාවක් ලබාදෙමින් ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පාසල් දැරියන් ලක්ෂ 03කින් ආරම්භ කර ඉදිරියේ දී එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිකරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

සියලුම පාසල් සිසුවියන් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී.. | Free Things For Schoolgirls