ගොවීන්ට නොමිලයේ පොහොර...
අද (25) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා Qatar Charity සංවිධානය අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථිකය අර්බුදය සැලකිල්ලට ගනිමින් ආහාර සුරක්ෂිතතාව හා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලීම අරමුණු කර ගනිමින් Qatar Charity සංවිධානය දිස්ත්‍රික්ක තුනක ගොවිපවුල් 3476කට නොමිලයේ යුරියා, TSP සහ MOP පොහොර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම් බව සඳහන් වේ.
මෙම අවබෝධතා ගිවිසුම අනුව කුරුණෑගල, මාතලේ හා මොණරාගල යන දිස්ත්‍රික්ක තුනේ ගොවීන් 3476කට නොමිලයේ පොහොර ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී තෝරාගත් ප්‍රතිලාභී ගොවි පවුලක් සඳහා යුරියා, TSP සහ MOP පොහොර කිලෝග්‍රෑම් 25ක මිටියක් බැගින් සැපයීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
\ඒ සඳහා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 1476ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් 1000ක් හා මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවින් 1000ක් ද තෝරාගෙන තිබේ.
