CID යට කොටු වූ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ සැරයන්.

CID - Sri Lanka Police Sri Lanka Police
By Gagana May 02, 2024 01:41 PM GMT
Gagana

Gagana

Report

පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකු කොල්ලුපිටියේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමට අදාලවයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කරන ලද විමර්ශනයකට අනුව සැකකාර පොලිසරයෙන් වරයා අත්අඩංගුවට ගෙන ඇත.

ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙම අල්ලස් මුදල ලබා ගත් පුද්ගලයන් සිව් දෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂා කර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක් හා ඩොලර් 3,500ක් අදාළ සැකකරුවන් රැගෙන ගොස් ඇති අතර එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රයද රැගෙන ගොස් ඇත්තේ පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව සඳහන් කරමින්.

අනතුරුව පැමිණිලිකරුට දුරකථන ඇමතුමක් ලබා දී විමර්ශනයට උදව් කිරීම සහ රැගෙන ගිය විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාදීමට රුපියල් කෝටි 4ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති අතර පසුව එය කෝටි තුන හමාරක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සැකකරුවන් විසින් රැගෙන ගිය බවට සඳහන් කෙරෙන රුපියල් 12,000,000ක මුදලින් රුපියල් ලක්ෂ 16ක මුදලක් පොලිසියේ විසින් සොයා ගැනීමට සමත්ව ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් පරේක්ෂණ සිදු කරනවා.