ඖෂධ මිලදී ගැනීමෙන් සිදුවූ වංචාවක් ගැන හෙළිවෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඖෂධ ගෙන්වීමේදී සිදු වන හදිසි මිලදී ගැනීම් සහ දුෂණ ක්‍රියා නිසා වසරකට විශාල මුදලක් අපතේ යන බව පවසනවා.
පසුගිය සමයේදී පමණක් මෙම දුෂණ ක්‍රියා හේතුවෙන් වසරකට රුපියල් බිලියන තිහක් සහ හතළිහක් අපතේ ගොස් ඇති බව වාර්තා වනවා.
එසේම ලබන වසර සඳහා ද ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 180ක මුදලක් වෙන් කර ඇති බව සඳහන්.
ඖෂධ ගෙන්වීමේදී නිසි ක්‍රමවේදයක් අනුව ඖෂධ ගෙන්වීමට කටයුතු කළහොත් මෙතරම් මුදලක් වැය නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.
...........................