අද දහවල සිට ප්රංශයේ මත්පැන් පානය සහ අලෙවිය සීමා කරයි - රට පුරා අනතුරු ඇඟවීම්
By Kaushi
උණුසුම් කාලගුණය හේතුවෙන් අගනුවර රෝහල්වලට ඇති පීඩනය ලිහිල් කිරීමේ අරමුණින් ප්රංශ බලධාරීන් පැරිසියේ මහජන මත්පැන් පානය සහ අලෙවිය තහනම් කර ඇත. ඒ අනුව අද(26) දහවල් සිට හෙට 07:00 දක්වා පැරිසියේ වැසියන්ට ප්රසිද්ධියේ මත්පැන් පානය කිරීම සීමා කර තිබෙනවා.
එමෙන්ම හෙට සිට ඉරිදා දක්වා ද එම පැය කිහිපය තුළ මෙම පියවර ක්රියාත්මක වන බව සඳහන්.
මේ අතර ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ ප්රංශයේ දින ගණනාවක් පුරා දැඩි උණුසුම් කාලගුණයක් ඇති කළ තාප තරංග තත්ත්වයන් නැගෙනහිර දෙසට මාරුවීමට නියමිත අතර, ජර්මනියේ සහ චෙක් ජනරජයේ කාලගුණ අනාවැකිකරුවන් ආන්තික තත්ත්වයන් පිළිබඳ අනතුරු අඟවා ඇත.
එසේම අද(26) දින ජර්මනියේ උෂ්ණත්වය රට පුරා සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවටත් අනතුරු ඇඟවීමක් ක්රියාත්මක කර තිබෙනවා.