මාධ්‍යවේදීන් නගා සිටුවීමට ප්‍රංශයෙන් නව වැඩපිළිවෙලක්

Report

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය හැකියාවන් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පුහුණු සහාය ලබාදීමට ප්‍රංශ රජයේ Expertise France ආයතනය සිය එකඟතාව පළ කර තිබේ.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ප්‍රංශ රජයේ Expertise France ආයතනයේ තිරසාර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ නිකොලස් ෂෙනේ (Nicolas Chenet) මහතා ඇතුළු නියෝජිත පිරිස අතර සාකච්ඡාවක් ඊයේ (02) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ආර්ථිකයේ නව පිම්මකට ආයෝජන මණ්ඩලයේ සැලසුම්

ආර්ථිකයේ නව පිම්මකට ආයෝජන මණ්ඩලයේ සැලසුම්

මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය පරිසරය තුළ හරිත සංක්‍රමණය (Green Transition), පරිසර සංරක්ෂණය, ආපදා කළමනාකරණය සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය සම්බන්ධ කරුණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.

රටේ ඉදිරි සංවර්ධන ඉලක්කයන්ට අනුකූලව මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය, පුහුණු වැඩසටහන් සහ ධාරිතා සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා සහය ලබාදීමට Expertise France ආයතනය මෙහිදී එකඟතාව පළ කළේය.

මෙම සහයෝගීතාවය මගින් පරිසරය හා තිරසාර සංවර්ධනය සම්බන්ධ මාධ්‍යවේදීන්ගේ දැනුම සහ වෘත්තීය හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

ශ්‍රී ලංකාවේ අනාගත පරිසරය රකින්න එක්සත් ජාතීන්ගෙන් වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ අනාගත පරිසරය රකින්න එක්සත් ජාතීන්ගෙන් වැඩපිළිවෙළක්