ප්‍රංශයෙන් ඊශ්‍රායලයට මාරක පහරක් - බලවත් අමාත්‍යවරයෙකුට ප්‍රංශය තහනම් කරයි

Report

ග්ලෝබල් සුමුඩ් ෆ්ලොටිලා (Global Sumud Flotilla) මෙහෙයුමේදී රඳවා සිටි ක්‍රියාකාරීන්ට අමානුෂික ලෙස සැලකූ බවට චෝදනා එල්ල වීමෙන් පසුව, ප්‍රංශය ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය Itamar Ben-Gvirට තම භූමියට ඇතුළුවීම තහනම් කර තිබේ.

ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් X සමාජ මාධ්‍යයේදී මෙම තීරණය නිවේදනය කර ඇති අතර, ෆ්ලොටිලාවේ සිටි ප්‍රංශ සහ යුරෝපීය පුරවැසියන්ට එරෙහිව “නින්දිත ක්‍රියාමාර්ග” සිදුව ඇති බවද ඔහු සඳහන් කර ඇත.

වාර්තා අනුව, ඊශ්‍රායල හමුදා ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කිහිපයක් අත්අඩංගුවට ගෙන ක්‍රියාකාරීන් 430ක් පමණ රඳවාගෙන ඇති අතර, අෂ්ඩොඩ් වරායේදී බෙන්-ග්විර් ඔවුන් සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති ආකාරය දැක්වෙන දර්ශනද පසුව විශාල විවේචනයට ලක්ව තිබේ.

ම සිද්ධිය සම්බන්ධයෙන් ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය, කැනඩාව සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයක් ඊශ්‍රායල තානාපතිවරුන් කැඳවා විරෝධය පළ කර ඇති අතර, යුරෝපීය සංගමය හරහා සම්බාධක පැනවීම සලකා බලන ලෙසද ප්‍රංශය ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෝදි ඉදිරියේදීම ලෝකයම හොල්ලන ප්‍රකාශයක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉන්දියාව නැතුවම බැහැ

මෝදි ඉදිරියේදීම ලෝකයම හොල්ලන ප්‍රකාශයක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉන්දියාව නැතුවම බැහැ

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි