පෝලන්තේ යන්න හදපු ශ්‍රී ලාංකිකයන්ට අත්වූ ඉරණම - අත්අඩංගුවට

Report

පෝලන්තය වෙත යාමට අවශ්‍ය වීසා ලබා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් යළි පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු, කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (06) දින උදෑසන අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළක්ද, කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ යාපනය කරෙව්ති ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුද ඇතුළත්.

පෝලන්තය වෙත නීත්‍යානුකූලව පිටත්ව යාමට වීසා ලබාගැනීමට, මෙම පුද්ගලයින් විසින් තැරැව්කරුවන්ට රුපියල් ලක්ෂ 64ක මුදලක් ගෙවා ඇති බවත්, ඒ අනුව වීසා බලපත්‍ර ලබාගැනීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් ඇගිලි සළකුණු ලබා දී ඇති බවත් පවසයි.

නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

පසුව ඔවුන් අද උදෑසන 6.00ට නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ආගමන නිෂ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ වීසා බලපත්‍ර සම්බන්ධයෙන් සැකයක් ඇතිවීමෙන්, එම ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇත.

පසුව සිදු කළ තාක්ෂණික පරීක්ෂණවලදී එම වීසා බලපත්‍ර කූඨ ආකාරයට සකස් කළ ව්‍යාජ ලේඛන බව තහවුරු වී ඇති බව සඳහන්.

අඳාළ වීසා බලපත්‍ර ව්‍යාජ බව පිළිබඳව ගුවන් මගීන් එතෙක් කිසිදු දැනුවත්කමක් නොතිබූ අතර, මෙරටට පැමිණීමෙන් පසුව ඒ සඳහා තවත් විශාල මුදලක් ගෙවීමටද ඔවුන් සූදානම්ව සිටි බව හෙළිව ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටි‍යි.  

බීඩිය දුන්නෑ කියලා තාත්තට මෝල් ගහෙන් ගහලා - බේරන්න ආපු මාමවත් ගහලා මරලා

බීඩිය දුන්නෑ කියලා තාත්තට මෝල් ගහෙන් ගහලා - බේරන්න ආපු මාමවත් ගහලා මරලා

හෝටල් කාමරේට ගිය පෙම්වතුන්ව හොරෙන් වීඩියෝ අරන්

හෝටල් කාමරේට ගිය පෙම්වතුන්ව හොරෙන් වීඩියෝ අරන්