මිතුරාගෙන් කප්පමක් ගන්න කුවේට් වල ඉදන් ගැහුව ප්ලෑන් එක ..

Report

කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයෙකු මාවතගමදී පැහැරගෙන ගොස් නාරම්මල පාළු නිවසක රඳවාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙක්ව විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

ටියුෂන් යන්න ගෙදරින් ගිය ළමුන් හතර දෙනෙකු දින හතරක් පුරාවට අතුරුදහන්..

ටියුෂන් යන්න ගෙදරින් ගිය ළමුන් හතර දෙනෙකු දින හතරක් පුරාවට අතුරුදහන්..

විමර්ශන වලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා කුවේට් රාජ්‍යයේ සේවය කළ ස්ථානයේම සේවය කළ වෙනත් අයෙකුගේ සැලසුමකට අනුව මෙම පැහැරගැනීම සිදුකර ඇති බවත් රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීම අරමුණ වි ඇති බවත්ය.

මෙහිදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී ඒම පුද්ගලයා මුදවා ගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මළගිය ඥාතීන්ගේ දෝෂ පන්නන කොට ගෙදර බඩුත් පන්නපු යකැදුරා මාට්ටු ..

මළගිය ඥාතීන්ගේ දෝෂ පන්නන කොට ගෙදර බඩුත් පන්නපු යකැදුරා මාට්ටු ..

සැකකරුවන් නාරම්මල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් වන අතර එම පුද්ගලයාව පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන මාවතගම පොලීසිය විසින් සිදුකරයි.