ලංකාවම සලිත කරමින් ආපදා තත්ත්වය දරුණු වෙයි - නිවසක් මතට පස් කන්දක් කඩා වැටී සිව්දෙනෙකු අතුරුදන්
හැටන් පොල්පිටිය ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදහන් වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව පවතින අධික වර්ෂාපතනයත් සමඟ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. එසේම අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සඳහා මේ වන විට පුළුල් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙනවා.
මේ අතර ආපදා තත්ත්වයන් හේතුවෙන් නායයෑම් අවදානමක් ඇති ප්රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්ව යන ලෙසත් ආරක්ෂක අංශ දිගින් දිගටම ඉල්ලා සිටියි.