මේ හතර දෙනාට අලුතින්ම හම්බුණු සබ්බුව

Report

මෙරට සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් අද (24) සම්බාධක පනවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව පුද්ගලයින් සිව් දෙනෙකු හට මෙම සම්බාධක පනවා තිබේ.

එම පිරිස අතරට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, LTTE සංවිධානයේ කලක් සේවය කළ කරුණා අම්මාන් සහ විනයාගමූර්ති මුරලිදරන් ඇතුළු පිරිස අයත් වේ.

ඒ අනුව එම පිරිසට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම, එරට වත්කම් එක් රැස් කිරීම හෝ වත්කම්ද තහනම් වේ.

ඩොලරයක් වූ අපේ රටේ පොල්...!!!

ඩොලරයක් වූ අපේ රටේ පොල්...!!!

ඩෙංගු මර්ධනයට ක්‍රියාත්මක වන අලුත්ම වැඩේ මෙන්න

ඩෙංගු මර්ධනයට ක්‍රියාත්මක වන අලුත්ම වැඩේ මෙන්න