වැඩබලන ඇමතිවරු සිව්දෙනෙක් පත් වෙයි.

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතව සිටින කාලය තුළ ඔහුගේ යටතේ තිබූ අමාත්‍යාංශ 4ක රාජකාරි සිදුකිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත්කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති අතරම, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙසත් පත් කර බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.