බස්නාහිර පළාතේ හිටපු මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සංජය සිරිවර්ධන ගිනි අවි කිහිපයක් ළඟ තබා ගෙන සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් අතර, ඔහු ලබන 24 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කෙරුණා.
ඒ අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල එම පතිරණ ගේ ලබා දුන් නියෝගයකට අනුවයි.
එම මන්ත්‍රීවරගේ අත්තනගල්ල වැලිකඩමුල්ල ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක තිබී පසුගියදා ටී.56 ගිනි අවියක්, එම් මැගසින් 02 ක් හා ජීව උණ්ඩ 133 ක් බෝර 12 ගිනි අවියක් සහ එම උණ්ඩ 06ක් සොයා ගැනුනා.
අදාළ ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය වැඩි දුරටත් නියෝග කළා.