එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් සියදිවි නසාගෙන.. නත්තල දවසෙම ඇහුණ කණගාටුදායක පුවත..

Report

එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශයේ ජල ටැංකියකින් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයේ 645/2 ඉගිණිමිය බටහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 53 හැවිරිදි තිදරු පියෙක් මෙලෙස මියගොස් ඇත්තේ.

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

රස කර කර, කෑවට.. රත්තරං ඇපල් හෙවත් ඇඹරැල්ලා මෙහෙමයි කියලා.. දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය මෙන්න..(VIDEO)

රස කර කර, කෑවට.. රත්තරං ඇපල් හෙවත් ඇඹරැල්ලා මෙහෙමයි කියලා.. දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය මෙන්න..(VIDEO)

ඔහුගෙ බිරිඳ සහ දරුවන් බිරිඳගේ ගමෙහි වෙනම වාසය කරන බව සදහන් වේ.

එමෙන්ම, මියගිය පුද්ගලයා තම මව සමඟ මෙම ප්‍රදේශයේ වාසය කරන බවත් මොහු පසුගිය සෙනසුරාදා(21) දින රාත්‍රියේ වෙළෙඳසැල වෙත යන බව පවසා ගොස් ඇති අතර එදින සිට අතුරුදන්ව සිට ඇත.

අද (25) උදෑසන නවගත්තේගම පොලීසියට දුරකථනයෙන් ලද තොරතුරකට අනුව මෙම මෘත ශරීරය නිවසට කිලෝමීටරයකට ආසන්නව ප්‍රදේශයේ මාර්ගය අසල වූ ජලටැංකිය අසල බිම තිබි හමු වී තිබෙනවා.

ජල ටැංකිය මත සිට ඔහු සියදිවි හානි කරගෙන ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මොහු නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස වසර ගණනාවක්ම තේරී පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතය.

You May Like This Video👇 

.