අනුරාධපුර සුනඛ ගැටලුවක්
අනුරාධපුර නගර මධ්‍යයේ ප්‍රධාන පාසල්වල මෙන්ම අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අයාලේ යන සුනඛයින් සපා කෑම බරපතල ගැටලුවක් වී ඇති අතර පසුගිය දිනෙක රාත්‍රී සේවා මුරයේ යෙදී සිටි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ හෙද පාලිකාවකට(මේට්‍රන් වරියකට) සුනඛයෙකු සපා කෑමෙන් ප්‍රතිකාර ගැනීමට සිදුව ඇත.
එමෙන්ම අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පාසල්වලද මේ ගැටලුව පැන නැගී ඇති අතර නගරයේ එක්තරා පාසලක සුනඛයෙකු ද පසුගිය දා ගුරුවරියෙකුට සපා කා ඇති අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙසේ මේ සුනඛයා ගුරුවරියන්ට මෙන්ම පාසල් දරුවන්ටද සපා කෑම සිදු කර තිබේ.
මේ පිළිබඳව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ බලධාරියෙකුගෙන් කළ විමසීමේදී කියා සිටියේ මිනිසුන් පුරුදු වී සිටින්නේ අයාලේ යන බල්ලන් විශේෂයෙන් පාසල් ,රෝහල්, පන්සල් යන ස්ථානවලට රැගෙන විත් අතහැර දමා යාමට බවයි.
වඳ සැත්කම් සහ ජල භීතිකා එන්නත් ලබාදීම හැර සුනඛයෙන් මරා දැමීම හෝ ඉවත් කිරීම සඳහා තමන්ට ප්‍රතිපාදනයක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඊට අදාලව නගර සභාව ඇතුළු තවත් ආයතන ඇති බැවින් සුනඛයන් ඉවත් කිරීමේ කටයුතු ඔවුන් විසින් සිදු කළ යුතු බවද එම නිලධාරියා අවධාරණය කළේය.
