නුගේගොඩ රැලියේදී පිස්තෝලයක් - නාමල්ට ලගින්ම තිබුණු අවිය
නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් පොලිස් භාරයට ගත් බව පවසයි.
පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කරමින් පවතින බවයි.
පසුගිය නොවැම්බර් 21 වනදා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය අතරතුර ඔහු සතුව මෙම ගිනි අවිය තිබූ බවට වීඩියෝ දර්ශන සහ ඡායාරූප පල විය.

