හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පුත්‍රයා වහාම අත්අඩංගුවට..හේතුව මෙන්න..
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබේ.
අද (18) දිනයේ ,නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවය.
ඉකුත් 06 වනදා අලුයම ,නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මඟින් එලෙස සඟවා තිබූ කොටස් කිහිපයක් සිය භාරයට ගනු ලැබීය.
සැකකරුවන් දෙදෙනා හෙට (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
You may like this video 👇