හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්
අනුරාධපුර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු, එළැඹෙන දෙසැම්බර් මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමග පසුගිය නොවැම්බර් මස 5 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.
එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වළ දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයාගෙන ඇත.