තෑග්ගක් නිසා හිටපු කැබිනට් ඇමතිට සිර දඬුවම්..! වටිනාකම ඩොලර් ලක්ෂ තුනක්..

Singapore Latest Headlines
By Sewvandhi Oct 03, 2024 08:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී විවිධ ත්‍යාග ලබා ගත් බවට චෝදනා එල්ල වු සිංගප්පූරුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට මාස 12ක සිර දඬුවම් නියම කර තබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට වෙළෙඳ, සන්නිවේදන හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුබ්‍රමනියම් ඊශ්වරන් හට මෙම දඬුවම නියම වී ඇති බවය.

අනාවරණය වී ඇත්තේ,වසර 13ක කාලයක් සිංගප්පුරු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂ 03කට අධික වටිනාකමින් යුත් ත්‍යාග විවිධ පුද්ගලයින්ගෙන් ලබා ගෙන ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ සම්බන්ධයෙන් පසුගිය වසරේ ජූලි මාසයේ සිට විමර්ශන ආරම්භ වූ අතර එහි තීන්දුව මෙලෙස එරට අධිකරණයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

සිංගප්පූරුවේ අමාත්‍යවරයෙකු මෙලෙස මහා පරිමාණ දූෂණ චෝදනා විමර්ශනයකට මුහුණ දී ඇත්තේ 1986 වසරෙන් පසුව වීම විශේෂත්වයකි.