හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාපරාධි බලහත්කාරකම් කළ බව කියූ චෝදනාවලින් නිදහස්
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසළදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලින් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළ බව වාර්තා වේ.
ඒ අනුව මෙම තීන්දුව ලබා දී ඇත්තේ අඳාළ නඩුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.
ඒ එම සිද්ධිය රාජකාරියට අගතියක් සිදුව නැති බවට නිගමනය කරමින්. එසේම මෙම සිද්ධියේ සීසීටීවී දර්ශනවලට ඇතුලත් සාක්ෂි ගොනු කළ සීඩි තැටිය ඉකුත් නඩු දිනයේ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගොනු කර තිබුණා.
එමෙන්ම නඩුව විවෘත අධිකරණයේ කැඳවූ විට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල සමාදාන වූ බවට පැමිණිලිකරු ප්‍රකාශයක් ලබා දෙමින් අධිකරණයට දන්වා තිබුණා.
පහුගිය 2017 වසරේ අප්‍රේල් මස 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙකුට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පතිවරායට විරුද්ධව 2019 වසරේ කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකර තිබුණා.
