බුදු අම්මෝ.. ගුවන්තොටුපලේ අයගේ ඇසුත් උඩ යැවූ විදෙස් කත ලග තිබු දේ...

Report

රුපියල් කෝටි 36ක් පමණ වටිනා "හෂීස් " මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ ඊයේ රාත්‍රී මෙරටට පැමිණි අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකාරිය 36 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවක් වන අතර ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි කාන්තාවක් බව වාර්තා වෙයි.

අධික උණුසුම හමුවේ ඇති වෙන මේ තත්ත්වයන්ගෙන් මිදෙන්න මේ දේ කරන්නැයි උපදෙස්..

අධික උණුසුම හමුවේ ඇති වෙන මේ තත්ත්වයන්ගෙන් මිදෙන්න මේ දේ කරන්නැයි උපදෙස්..

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ඇඳ ඇතිරිළි කීපයක් තුළ ඔතා සඟවා ගෙන තිබී කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500ක "හෂීස් " මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය වෙනත් රටකට ප්‍රතිඅපනයනය කිරීම සඳහා මෙරටට රැගෙන එන්නට ඇති බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැකපළකරයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කැනඩා ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගන්නා බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කර ඇත.

You may like this video