මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නවතම වාර්තාවක් නිකුත් කර ඇත.
එම වාර්තාවර අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් මගින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒවා ඇත.
තවද පසුගිය 2024 වසරේදී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6ක් බව මහ බැංකුව විසින් නිකුත් කල එම නවතම වාර්තාව පැහැදිලි කරයි.
එම වාර්තාවට අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 140.1ක ඉහළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ද මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා විදෙස් ප්‍රේෂණ තුළින් මෙරටට ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බවද මහ බැංකුව වාර්තා කරයි.
එය පසුගිය වසරේ එම කාලයට තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 4,843.8ක් වන අතර ඒ අනුව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 967.9ක් ලෙස වර්ධනය වී ඇත.
එමෙන්ම සැප්තැම්බර් මාසයේ සංචාරක ආදායම ලෙස ඩොලර් මිලියන 182.9ක් උපයා ගෙන ඇතැයිද එම වාර්තාවේ සඳහන්ව තිබේ. සංචාරක ආදායම ලෙස වසරේ පළමු වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 182.9ක් උපයාගෙන ඇතැයිද මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත.