මෙම වසරේ පළමු මාස 9දී සෘජු විදේශ ආයෝජන ඇ.ඩො මිලියන 827ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමත ව්‍යාපෘති හරහා 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සෘජු විදේශ ආයෝජන ගලා ඒම, විදේශ වාණිජ ණය ඇතුළුව ඇමරිකානු ඩොලර් මිලියන 827 දක්වා ලඟා වී ඇති බව BOI නිවේදනය කළේය.
මෙය 2024 අනුරූප කාලයට සාපේක්ෂව 138%ක කැපී පෙනෙන වැඩිවීමකි.
ආයෝජන මූලාශ්‍ර
මූලාශ්‍රය | ඇ.ඩො. මිලියන |
කොටස් ප්‍රාග්ධනය | 133 |
නැවත ආයෝජනය කළ රඳවාගත් ඉපැයීම් | 132 |
අන්තර් සමාගම් විදේශ ණය | 231 |
දිගුකාලීන විදේශ වාණිජ ණය | 331 |
2025දී අත්සන් කළ ව්‍යාපෘති ගිවිසුම් හරහා ඩොලර් මිලියන 124ක් ලබාගෙන ඇති අතර, ඉතිරිය පවතින ව්‍යාපෘතිවල නැවත ආයෝජනයන් හා පුළුල් කිරීම් මගින් ලැබී තිබේ.
සම්පූර්ණ නිවේදනය පහතින්,

