විදෙස් තරුණියක් දියේ ගීලි මියයයි.
By Hashini
ඊයේ (24) සවස දියනෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් සහ ඇගේ පෙම්වතා දියේ ගිලී තිබෙනවා.
ඒ තංගල්ල මාරකොල්ලිය, මැන්ගෝබීච් ප්‍රදේශයේ මුහුදේ අනතුරුදායක ස්ථානයක දිය නාමින් සිටියදී.
පසුව ප්‍රදේශවාසීන් එකතුව දියේ ගිලෙමින් සිටි එම කාන්තාව සහ පුද්ගලයා බේරාගෙන ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුත් කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ එහිදී කාන්තාව මිය ගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ පෝලන්න ජාතික 22 හැවිරිදි කාන්තාවකි.
ඇයගේ මෘත ශරීරය තංගල්ල රෝහලේ තැම්පත් කර තිබෙනවා.
තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.