රට යැව්වා නම් මට කෝල් එකක් අරන් දීපන්..නැත්තන් උබවත් මරලා මාත් මැරෙනවා මෙතන ..

By Piyumika Dec 12, 2024 10:52 AM GMT
Report

 කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා.

අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තත් කිරීමේදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය පවසන්නේ.

ඔයාගේ අලෙවි සැලෙත් මෙන්න මේවා තියනවද..එහෙනම් පරිස්සමින්..

ඔයාගේ අලෙවි සැලෙත් මෙන්න මේවා තියනවද..එහෙනම් පරිස්සමින්..

කුරුණෑගල නාවින්න ප්‍රදේශයේ පිහිටි විදේශ  රැකියා ඒජන්සියකදී සිදුවීම වාර්ත වූ බව පොලිසිය පැවසුවා.

සැකකරු හසලක ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු බව පැවසෙන අතර ඔහුගේ අනියමි බිරිඳ බව කියන කාන්තාවක ⁣මෙම රැකියා ඒජන්සිකරු මාර්ගයෙන් "කුවෙටි" රටට ගෘහපාළිකාවක් වශයෙන් යවා තිබෙන බව කියැවෙනවා.

ඇය දුරකතනයෙන් සමිබන්ධකර දෙන්නැයි ඉල්ලා සිටියත් එය ඉටුනොවීම නිසා වූ බහින් බස්වීමකදී මෙම පිහි ප්‍රහාරය එල්ලවී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

ඉතිහාසයේ නවතම මංසළකුණක් කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තා වේ..

ඉතිහාසයේ නවතම මංසළකුණක් කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තා වේ..

සිද්ධිය වාර්තා වීමත් සමග ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්ථානය පොලීසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සැකකරු පිහිය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාලකරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාරලබමින් සිටින බවයි රෝහල් ආරංචිමාරග පවසන්නේ.

මේ අතර පහර කා එම කාර්යාලයේ සේවය කල කාන්තාවද රෝහල් ගත කල බව පැවසේ.

You may like this video