උගුල් අටවාගෙන විදෙස් ජාතිකක් හොර රහසේම කර කර හිටපු වැඩක් මාට්ටු..(PHOTOS)
By Piyumika
සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලූ විදෙස් ජාතිකයෙක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයෙන් බවයි කලවාන අඩවි වන කාර්යාලය සඳහන් කළේ.
මෙම ස්පාඤ්ඤ ජාතිකයා දින තුනක් තිස්සේ සිංහරාජයේ නවාතැන්පොළක ලැඟුම් ගෙන උගුල් අටවා සලඹයින්, සමනලුන් , කෘමී විශේෂ අල්ලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අතුරු සිදුරු නැතුව කොලිගේ දස්කම් බලන්න ආපු ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවට හිමන්ෂුගෙන් තෑග්ගක් ...(VIDEO)
ඔහු සන්තකයේ තිබී කෘම් සතුන් අල්ලා ගැනීමට යොදාගත් නවීන පන්නයේ උගුල් අත්අඩංගුවට ගත් බවයි කලවාන අඩවි වන කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු 31 හැවිරිදි මෙම විදෙස් ජාතිකයා කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පෙබරවාරි මස 10 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි නියෝග කර ඇත්තේ.