විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි ඊජිප්තු සංචාරයක...

Report

ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති මහතාගේ ආරාධනයෙන් වීදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ නිල සංචාරයකට එක්වී තිබෙනවා.

ඔලිම්පික් උළෙලේ ඇමෙරිකාව තව දුරටත් ඉදිරියෙන්...

ඔලිම්පික් උළෙලේ ඇමෙරිකාව තව දුරටත් ඉදිරියෙන්...

මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා කයිරෝ නුවර පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊජිප්තු විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද සඳහන් වේ.

දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තු වාණිජ මණ්ඩල සම්මේලනයේදී සාකච්ඡා පැවැත්වීම සඳහා ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා හමුවීමට ද නියමිතව ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ගාසාහි ළමා අරමුදලට ආධාර...

ශ්‍රී ලංකා රජයෙන් ගාසාහි ළමා අරමුදලට ආධාර...

කෙසේ වෙතත්, තවත් සම්භාවනීය පුද්ගලයන් කිහිප දෙනෙකු බැහැදැකීමටත් අපේක්ෂා කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.