ඇහැලේපොළ වලවුවට ගිය වියදම දළදා මාළිගාව නොගෙව්වොත් - ප්‍රසන්න රණතුංග තීරණයක් ගනී.

Report

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව රජයට පවර ගැනීමට තීරණය කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ, ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බවයි.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී.

ඒ, අනුව ඇහැලේපොළ වලවුව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් අවධාරණය කර ඇත.

ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී ඇති අතර මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ මුදල යළි නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් ප්‍රකාශ කර තිබෙනවා.

දළදා මාළිගාව අදාළ මුදල ගෙවීමට අකමැතිනම් එම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.