පාපන්දු තරගයේ ගුටිබැට හුවමාරුවක් - විසදන්න පොලිසියත් එයි

Report

හැටන් ලීග් නගරාධිපති කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක් අතරතුර යංග් මේට්ස් සහ නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම් දෙක අතර ගැටුමක් හටගෙන තිබේ.

ඊයේ (11) හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය අතරතුර, තරගය අවසන් වීමට මිනිත්තු 7ක් පමණක් ඉතිරිව තිබියදී නොසන්සුන්තාවයක් ඇතිවූ බව වාර්තා වේ.

එම අවස්ථාවේදී හැටන් යංග් මේට්ස් කණ්ඩායම ගෝල 3ක් ලබා සිටි අතර, නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම ගෝල 1ක් ලබා සිටියේය. තරගයේ උණුසුම් තත්ත්වයත් සමඟ ක්‍රීඩාංගණයේ සිටි ඇතැම් ප්‍රේක්ෂකයන් පිටියට පිවිස ගැටුමකට සම්බන්ධ වී තිබේ.

වසර 26ක වාර්තාවක් අලුත් කරමින් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

වසර 26ක වාර්තාවක් අලුත් කරමින් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් ලැබීමෙන් අනතුරුව නිලධාරීන් ක්‍රීඩාංගණයට පැමිණ තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කර ඇත.

පසුව, ඉතිරි මිනිත්තු 7ක තරග කාලය වෙනත් ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි තීරණය තරග සංවිධායකයන් විසින් ගැනීමට නියමිතය.

'' දැවැන්ත අවමානයක්'' ඉන්දිය ක්‍රිකට් පරාජයට කොංග්‍රස් මන්ත්‍රී දෙහි කපයි

'' දැවැන්ත අවමානයක්'' ඉන්දිය ක්‍රිකට් පරාජයට කොංග්‍රස් මන්ත්‍රී දෙහි කපයි