ගෑස්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල අඩුවීමත් සමඟ, කෑම මිලට සිදුව ඇති දේ..

Food Shortages Sri Lanka Food Crisis Egg Latest Headlines
By Sewvandhi Sep 28, 2024 01:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාරිභෝගිකයින් පවසන්නේ, ගෑස්, බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබියදීත් කෙටි ආහාර ඇතුළු අනෙකුත් ආහාර වර්ගවල මිල ගණන් පහළ නොයාම විශාල ගැටලුවක් බවයි.

වෙළෙඳුන් ලාභ ඉපැයීම පමණක් අරමුණු කරගනිමින් පාරිභෝගිකයා පීඩාවට පත්කරන බවයි,ඔවුන් චෝදනා කරන්නේ.

පසුගිය සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග ආහාර නිෂ්පාදනයට අවශ්‍ය කෙරෙන බිත්තර, තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍ය මෙන්ම ගෑස් ඉන්ධන වැනි භාණ්ඩ රැසක මිල ඉහළ ගියේය.

තාරුණ්‍යයේ බලාපොරොත්තු සුනේ සුන් වෙයිද..? වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය..

තාරුණ්‍යයේ බලාපොරොත්තු සුනේ සුන් වෙයිද..? වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය..

ඒ සමග තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ආහාර නිෂ්පාදකයන් හා වෙළඳුන් පියවර ගත් අතර සුපුරුදු පරිදි එහි බර ද දැරීමට සිදුවූයේ මෙරට පාරිභෝගික ජනතාවටය.

කෙසේ වෙතත්, ගෑස්, තිරිඟු පිටි පමණක් නොව බිත්තර මිලද අද වනවිට සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. පාරිභෝගිකයින් චෝදනා කරන්නේ, ආහාර මිල ගණන් පහළ නොදැමීමට වෙළෙඳුන් පියවර නොගන්නේ ඒ වෙනුවෙන් බලපෑමක් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුනොවීම නිසා බවය.  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%