ඉස්සරහට නැති වෙන්න යන කෑම
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා විසින් වර්තමානයේ මෙරට තුළ පවතින ලුණු හිඟය හේතුවෙන් බේකරි නිෂ්පාදනකරුවන්ට සහ හෝටල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ වනවිට බේකරි නිෂ්පාදකයන්ට සහ හෝටල් හිමිකරුවන්ට සුපිරි වෙළෙඳසල්වලින් ලුණු එකතු කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව ද එහි දී සඳහන් කළා.
එසේම තැනින් තැනට ලුණු එකතු කර ගැනීම සඳහා සේවකයන් මෙන්ම වාහන පවා යොදන්න සිදුව තිබෙන බව ඔහු පවසයි.
ඒ වෙනුවෙන් විශාල කාලයක් ද වැයවෙන බව සඳහන්.
ජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහා පරිමාණ බේකරි හිමියන්ගෙන් එක් බේකරි හිමියකුගේ දිනක ලුණු අවශ්‍යතාව කිලෝ ග්‍රෑම් දෙසීය ඉක්මවන බවයි.
එසේම මේ ආකාරයට ලුණු එකතු කිරීම හේතුවෙන් ඉදිරියේදී මහජනතාවට ලුණු හිඟය පුළුල්ව දැනීමට ඉඩ ඇති බව ද ඔහු කියා සිටියි.