ලංකාවම මාරාන්තික වෛරස් අවදානමක - මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Report

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතරු අඟවා ඇත්තේ ගංවතුර අවදානම සමග මධ්‍යම, සබරගමු, බස්නාහිර හා දකුණ යන පළාත් හතරක පාචනය මී උණ ඇතුළු බෝවන රෝග පැතිර යාමේ අවදානමක් පවතින බවයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ පවසන්නේ පාචනය, මී උණ, බෝවන සෙංගමාලය, ඩෙංගු සහ අපිරිසුදු ජලයේ ක්‍රීඩා කිරීම දිය නෑමෙන් දරුවන් අතර කුෂ්ඨ රෝගීන් පැතිර යාමයේ අවදානමක් පවතින බවයි.

රත්මලානේ බෝම්බ ප්‍රහාරයක් - බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී එකක් පුපුරා යයි - රටම ඇවිලෙන පුවතක් උදෙන්ම -

රත්මලානේ බෝම්බ ප්‍රහාරයක් - බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී එකක් පුපුරා යයි - රටම ඇවිලෙන පුවතක් උදෙන්ම -

වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ අපිරිසුදු ජලයෙන් මී උණ රෝගය පැතිර යාමේ අවදානමක් ඇති බැවින් වැළැක්වීමේ ප්‍රතිකාර ලබාගත යුතු බවත් ආසන්නයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නොමිලේ ඖෂධ සැපයීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර පාචනය, බෝවන සෙංගමාලය, කුෂ්ඨ රෝග, ඩෙංගු ඇතුළු බෝවන රෝග ලක්ෂණ ඇතිවූ සැණින්ම තමන්ට ආසන්නයේ රජයේ රෝහලින් හෝ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ගත යුතු බවද ඔහු පැවසීය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක් - දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවදානයට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක් - දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවදානයට

අපිරිසුදු ජලය ක්‍රීඩා කිරීම සෙල්ලම් කිරීම, පිහිනීම ඇතුළු කටයුතුවලට දරුවන් යොමු කිරීම නොකළ යුතු බව ප්‍රධාන ලේකම්වරයා පැවසීය.