දුම්රියක් ගංවතුරට හසුවෙයි - මගීන් 500 ගේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමක ( විදෙස් )
Train Crash
Indian Railways
By Dhananjaya
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පවතින අධික වැසි තත්ත්වයත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය සමග දුම්රියක ගමන්කරමින් සිටි 500කට අධික මගීන් පිරිසක් දුම්රිය ස්ථානයක සිරවී සිටින බවයි.
ගංවතුර සමග රේල්පීලිවලට හානි සිදුවීම හේතුවෙන් තමිල්නාඩුවේ Srivaikuntam දුම්රිය ස්ථානයේ ඊයේ රාත්‍රියේ සිට නවතා තිබූ තිරුචේන්දූර් සිට චෙන්නායි දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක් මෙලෙස ගංවතුරට කොටුවී තිබේ.
කෙසේ වෙතත් දුම්රියේ ගමන්කළ මගීන් 300කට ආසන්න පිරිසක් ඉන් මුදාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනට එම මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති අතර හෙට එම මෙහෙයුම් යළි ආරම්භ කරන බව බලධාරීන් පවසයි.
