ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්...
මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.
ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් ...මේ ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දීමක් ...
මේ හේතුවෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එව්වලම්පට්ටෙයි. හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කමම් හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ සඳහායි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.
එබැවින් එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
You may like this video