ලංකාවේ පළමු වතාවට ජලය මත පාවෙන බලාගාර 02ක්..තෝරාගත් ප්‍රදේශ 02 මෙන්න..

Report

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම සිදු කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ලංකාවේ පළමු ජලය මත ඉදි කරන සූර්ය බලාගාර ව්‍යපෘතිය වන අතර මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙකක් සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදි කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now