මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
ඉකුත් 2025 වසර තුළ නව දේශපාලන පක්ෂ පහක් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
ඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(4)(අ) වගන්තියට අනුව මෙම පක්ෂ ලියාපදිංචි කිරීම සිදු කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව අලුතින් ලියාපදිංචි වූ දේශපාලන පක්ෂ අතර, සමාජවාදී සන්ධානය (Socialist Alliance) ජන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (People’s Participatory Democratic Front) මලයග දේශපාලන කරළිය (Malaiyaga Political Arena) සමත්තුව කඩ්චි (Samaththuva Kadchi) විප්ලවවාදී ජන බලය (Revolutionary Peoples Power) යන පක්ෂ ඇතුළත්.
එමෙන්ම මෙම නව පක්ෂ ලියාපදිංචියත් සමඟ ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇත.
එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට අදාළ පක්ෂවල නම සහ ලකුණ යටතේ ඉදිරිපත් වීමට දැන් නීත්‍යානුකූල අවස්ථාව හිමිව ඇති බව සඳහන්.