මේ ප්‍රදේශවල ධීවරයන්ට ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්

Report

පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලමේ සිට හම්බන්තොට දක්වා මුහුදු තීරයේ ධීවර කටයුතු යළි ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශවල පැවැති දැඩි සුළං තත්ත්වය මේ වන විට යම් තරමකට සමනය වී ඇති බැවින්, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකිරීම සුදුසු බව අදාළ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

කෙසේ වුවද, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය තවදුරටත් අවදානම් මට්ටමක පවතින බැවින් එම ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා ද නුසුදුසු මට්ටමක පවතී.

එම නිසා නැවත දැනුම්දෙන තුරු එකී ප්‍රදේශවලින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර කාර්මිකයන්ට උපදෙස් දී තිබේ.

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නිරිතදිග මෝසම් බලපෑම හේතුවෙන් දිවයින වටා වන සෙසු මුහුදු තීරයන්හි සුළඟේ වේගය ඕනෑම මොහොතක යළි ඉහළ යා හැකි බැවින්, රැකියාවේ නිරත වන සියලුම ධීවරයින් අනිවාර්යයෙන්ම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටිය යුතු බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.