ජන පිරිසක් සම්බන්ධයෙන් රජයෙන් ගැණුනු පියවර..

Report

මෙරට ධීවර ජනතාවගේ සංවර්ධනය උදෙසා විශාල වැඩ කොටසක් සිදුකිරිමට අමාත්‍යාංශයට සිදු වි ඇති බව ධීවර අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජන පිරිසක් සම්බන්ධයෙන් රජයෙන් ගැණුනු පියවර.. | Fishermen In Sri Lanka

ඒ අනුව 2024 වසරේ රුපියල් මිලියන අටදහස් හාරසියක මුදලක් ජනාධිපතිවරයා විසින් ධීවර අමාත්‍යංශයට අයවැය තුළින් ලබා දි ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කියා සිටියේ ය.

එමෙන්ම අමාත්‍යංශයේ නව ලේකම්වරිය ඇතුලු සියලු කාර්ය මණ්ඩලය ඒ සදහා ඉතා කාර්යක්ෂමව කැපවී සිය සේවය ඉටු කරනු ඇති බවට තමා බලාපොරත්තු වන බව ඒ මහතා පැවසීය.

ජන පිරිසක් සම්බන්ධයෙන් රජයෙන් ගැණුනු පියවර.. | Fishermen In Sri Lanka

ඊයේ (01) ධීවර අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට සංවර්ධනය කිරිමේ වැඩ පිළිවෙලට ධීවර අමාත්‍යංශය හැටියට උපරිම සහයෝගය ලබා දිමට කටයුතු කරන බවයි.