ධීවර අමාත්‍යවරයාගේ හිඟ බිල ලක්ෂ 85 පන්නයි. විදුලි බල මණ්ඩලය කරපු දේ මෙන්න.
By Wayomi
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ යාපනයේ පිහිටි කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීමට පියවරගෙන ඇති බව වාර්තා වෙනවා.
ඒ, ඔහුගේ එම කාර්යාලයේ හිඟ විදුලි බිල රු. 8,550,982.50 ක් ඉක්මවවීම හේතුවෙන්.
මෙම හිඟ විදුලි බිල 1998 නොවැම්බර් සිට 2014 දෙසැම්බර් දක්වා වූ කාලයට අදාල වන බව සඳහන්.
2014 දෙසැම්බර් මාසයෙන් පසුව ඔහු නිසි පරිදි විදුලි බිල ගෙවමින් සිටින බව වාර්තා වුවද ගෙවීමට නියමිත ලක්ෂ අසූ පහ ඉක්ම වූ අති දැවැන්ත හිඟ මුදල මේ දක්වා ගෙවා නොමැත.
මෙම හිඟ විදුලි බිල ගෙවා දමන ලෙස අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී තිබුනද ඔහු ගෙවීම් පැහැර හැර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |