මාළු මිලට එකවරම මොකද වුණේ දන්නව ද?.
මේ වන විට වෙළඳපොලේ මත්ස්‍ය මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
ඒ බව ධීවරයින් කියා සිටිනවා.
පසුගිය දිනවල රුපියල් දහස ඉක්ම වූ මාළු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 300ත් 600ත් අතර මිලක් දක්වා පහත වැටී ඇත.
ඒ අනුව පරව් සහ ලේන පරව් කිලෝවක් රුපියල් 400කටත්, ලින්නා කිලෝවක් රුපියල් 300කටත් මිල සඳහන් වේ.
එමෙන්ම, ඇටවල්ලා සහ බලයා රුපියල් 300ත් 350ත් අතර මිලකටත් අලෙවි වේ.
ධීවරයින් සඳහන් කළේ පවතින ආර්ථික තත්වය හමුවේ පාරිභෝගිකයින් මිල දී ගැනීම අවම වීම හේතුවෙන් මෙලෙස මත්ස්‍ය මිල ද පහත ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, අධික පිරිවැය හේතුවෙන් බොහෝ ධීවරයින් මුහුදු යාම ද සීමා කර ඇති බව සමස්ත ලංකා පොදු ධීවර සමිති සම්මේනයේ ජාතික සංවිධායක රත්න ගමගේ කියා සිටියේ ය.