කවුරුත් පුදුම කරමින් දිවයිනට ආ පළමු ත්‍රිත්වය..

Report

අද (02) දිවයිනට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ඇණවුම් කළ ගැන්ට්‍රි දොඹකර 12න් පළමු දොඹකර ත්‍රිත්වය ගෙන එනු ලැබිණි.

චීනයේ ෂැන්ග්හයි නුවර සිට 'ෂෙන්හුවා - 24' නෞකාව මගින් මෙම දොඹකර ශ්‍රී ලංකාව වෙත ගෙන ආ අතර එම දොඹකර භාරගනු ලැබුවේ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

නැගෙනහිර පර්යන්තයේ ග්‍රැන්ටි දොඹකර 12ක් සහ පර්යන්ත දොඹකර 40ක් සවි කිරීමට නියමිත අතර, එහි සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 282ක් බව වාර්තා වේ.

මෙම ගැන්ට්‍රි දොඹකරයක් මීටර් 72ක දිගින් යුතු වන අතර හරස් අතට බහාලුම් 26කින් යුත් නෞකාවක් එකවර මෙහෙයවීමේ හැකියාව ලැබේ.

Sponsored By Sarrita Jewellery

කවුරුත් පුදුම කරමින් දිවයිනට ආ පළමු ත්‍රිත්වය.. | First Trio Of Gantry Cranes To The Island